රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රත්‍රන් බිස්කට් 31ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (08) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි සැකකරු සිය යට ඇදුම තුළ සහ ඔහු පැළද ගෙන සිටි පාවහන් යුගලය තුළ මේ රත්‍රන් සඟවාගෙන පැමිණ තිබු බවයි රේගු නිලධාරින් පැවසුවේ.
අත්අඩංගුවට ගත් රත්‍රන්වල ප්‍රමාණය කිලෝ 3කට අධික බවත් එහි වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවන බවයි රේගු නිලධාරින් වැඩිදුරටත් කියා සිටියේ.
