රුපියල් කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීම සදහා නීති විරෝධී ලෙස වාලම්පුරියක් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු අද අලුයම වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මෙම වාලම්පුරිය මෝටර් රථයකින් කිලිනොච්චියේ සිට දඹුල්ල දක්වා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකිනීම සදහායි.
කෙසේ නමුත් වවුනියාව පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් සිදුකළ සොදිසි මෙහෙයුමකදී මේ වාලම්පුරිය සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
(ඡායාරූප – මාධව කුලසුරිය)
