Gossips

රුපියල් කෝටියකට අධික හෙරොයින් කොටහේනෙන් අල්ලයි

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක වටිනාකමකින් යුත් කිලෝ එකයි ග්‍රෑම් 5 කට වැඩි හෙරොයින් තොගයක් සමඟ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු කොටහේන – පැරඩයිස් වත්ත ක්‍රීඩාපිටිය – ප්‍රජාශාලාව අසලදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආමර් වීථිය පොලිස් මුරපලේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදුකළ අවස්ථාවේදී සැකකරු ත්‍රිරෝද රථයකින් මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
40 හැවිරිදි සැකකරු කොළඹ – 12, මීරානියා වීථියේ පදිංචිකරුවෙක්.
මේ අතර පානදුර උතුර – පරන්තන් පාර සඟබෝ මාවතේදී ද හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.