නීති විරෝධී ලෙස ඇමරිකානු ඩොලර් 72700ක් රැගෙන සිංගප්පුරුව බළා යාමට තැත්කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි වටිනාකම රුපියල් එක්කොටි පහලොස් ලක්ෂයකට ආසන්න බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න අප සමඟ පවසා සිටියේ.
ඔවුන් මෙම ඩොලර් ප්‍රමාණය සිය ගමන් මළු තුල ඉතා සුක්ෂමව අසුරා රැගෙන විත් තිබු බවයි රේගුව පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවයි රේගු පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
