Gossips

රුපවාහිනියේ සේවකයින් සභාපතිවරියගේ කාර්යාලය වටලයි

ජාතික රුපවාහිනියේ අලෙවි අධ්‍යක්ෂක ඉවත් කරන ලෙස ඉල්ලා සේවකයින් මේ වනවිට රුපවාහිනියේ සභාපතිවරිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ කාර්යාල කාමරය වටලා තිබෙනවා.
කලක් තිස්සේ සේවකයින් අලෙවි අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කලද එම ඉල්ලීම් නොසලකා හැරීම හේතුවෙන් දහවල් 1.30ට පමණ සභාපතිවරියගේ කාර්යාල කාමරය වටලමින් මෙලෙස විරෝධයේ නිරත බවයි වාර්තා වන්නේ.
මෙම විරෝධයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම ඉල්ලීම ඉදිරිපත් කළ රුපවාහිනියේ වෘත්තීය සමිති සාමාජිකයින් 21දෙනෙකු ස්ථාන මාරු කිරීම බවත් සේවකයින් අප සමග ප්‍රකාශ කළා.
වත්මන් අලෙවී අධ්‍යක්ෂකවරයා ඉහල වැටුපක් යටතේ රුපවාහිනියට පත් කලද ඔහු යටතේ ආයතනය බංකොලොත් වී ඇති බවයි සේවකයින් පවසන්නේ.