ප්රංශයට අයත් රීයූනියන් දූපතට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමේදී අත්අඩංගුවට ගනු ලැබූ ශ්රී ලාංකිකයන් හත්දෙනා මේ වනවිට මුදාහැර තිබෙනවා.
පිටුවහල් කෙරෙන එම පිරිස අතුරෙන් ඔවුන් ගමන් ගත් යාත්රාවේ නියමුවා දිවයිනට ගෙන්වාගැනීමට ඊයේ පියවර ගෙන තිබුණා.
තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද දිනයේදී දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතයි.
ඉතිරි පිරිසද ඉදිරි දිනවලදී ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ පුද්ගලයින් පසුගිය වසරේ දෙසැම්බර් මස 5 වන දින මීගමුව ධීවර වරායෙන් ප්රංශයට අයත් දිවයින වෙත පිටත්ව ගොස් ඇත්තේ ධීවර කටයුතුවල යෙදෙන මුවාවෙන්.
ඊයේ දිවයිනට පැමිණි අදාළ යාත්රාවේ නියමුවා ගුවන් තොටුපලේදී ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති ඔහු මේ වනවිට රඳවාගෙන ප්රශ්න කරමින් සිටින බව සඳහන්.
ශ්රී ලංකා ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්යක්ෂ පද්මප්රිය තිසේරා සඳහන් කළේ මෙලෙස නීතිවිරෝධී සංක්රමණයක නිරතවූ එම සියල්ලන්ට එරෙහිව ඉදිරියේදී නීතිය ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.