Gossips

රිළවෙකු කැඩූ කුරුම්බා ගෙඩියක් කාන්තාවකට මරු කැඳවයි

රිළවුන් විසින් කඩා දැමූ කුරුම්බා ගෙඩියක් හිසට වැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මාතලේ – වටගොඩ ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
පසුගිය සඳුඳා 73 හැවිරිදි ඇය එම අනතුරට මුහුණ දී ඇත්තේ සිය ගෙමිදුලේ සිටියදීයි.
එහිදී වත්තට පැමිණි රිලා රංචුවක් පළවා හැරීම සඳහා ඇය කටයුතු කරන අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බව මාතලේ පොලිසිය සඳහන් කළා.
පසුව මාතලේ රෝහල වෙත ඇතුළත් කළ මෙම කාන්තාව ඊයේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේදීද අනාවරණය වී ඇත්තේ මොට පෘෂ්ඨයක් හිසට වැටීමෙන් මරණය සිදුව ඇති බවයි.
මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකළා.