Gossips

රිෂාඩ්ගේ පත් කළ මන්ත්‍රීට විජේදාසගෙන් චෝදනා

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ අවධානය යොමුවුණා.
ඒ සිය වරප්‍රසාද කඩවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්.
එහිදී ඔහු කියා සිටියේ පර්පෙචුවල් සමාගමෙන් මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන් ද නම් ප්‍රකාශයට පත් නොකිරීමෙන් නිවැරදි වන බවයි.
කෙසේ වෙතත්, එහිදී කතානායක කරූ ජයසූරිය කියා සිටියේ මෙලෙස මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණයක් නොමැති බවට වාර්තා වී ඇති බවයි.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයින්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අන්තර් ග්‍රහණය කිරීමට අදාළ විධි විධාන ඇතුළත් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ඒ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින්.
මේ අතර, එච්.එච්.එම්. නවාවි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන එස්.එම්.ඉස්මයිල් අද කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
කෙසේ වෙතත්, දිවුරුම් දුන් එස්.එම්.ඉස්මයිල් මන්ත්‍රීවරයාට විරෝධය පළ කරමින් උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ඉස්මයිල් මන්ත්‍රීවරයා කටයුතු කළ කාලයේදී සිදුකළ වංචා සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණ වී ඇති බවයි.