විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 04 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර කොට්ඨාශයේ නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (26) රාත්‍රියේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න – පොල්ගම්පල ප්‍රදේශයේදීයි.
මොහු මතුගම – ගලබඩවත්ත පාර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.
