Gossips

රිවෝල්වරයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හෝමාගම – මුල්ලේගම ප්‍රදේශයේදී රිවොල්වරයක් ලග තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් මිලිග්‍රෑම් 760ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතුරුගිරිය පොලිසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලිමකදීයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොවුන් 23 සහ 36 හැවිරිදි වියේ පසුවන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වන අතර සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.