Gossips

රිවෝල්වරයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැළණිය කොට්ඨාශ නීති බලගැන්වීමේ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කඩවත – එඬේරමුල්ල ප්‍රදේශයේ අදාළ වැටලීම සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ.
සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වරයට අමතරව ජීව උණ්ඩ 05 ක්, හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 860 ක්, රුපියල් එක්ලක්ෂ 25,000 ක්, ජංගම දුරකථන 05 ක් සහ කුඩා ඉලෙක්ට්‍රොනික් තරාදියක් ද අත්අඩංගුවට ගැනුනා.
සැකකරුවන් 30 ත් 32 වයස් සීමාවන්වල පසුවන කඩවත සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්.