මාතලේ – ඉළුක්කුඹුර – ලග්ගල මාර්ගයේ, රිවස්ටන් කඳු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස හෙට සිට දින 11ක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
මේ හේතුවෙන් රිවස්ටන් සහ පිටවල පනත නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
ඒ අනුව ලග්ගල – නාඋල මාතලේ මාර්ගය භාවිත කිරීමට රිවස්ටන් නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට හැකියාව පවතිනවා.
