ප්රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් අයෙකු තුවාල ලබා තිබෙනවා.
අතුරුගිරිය ප්රදේශයේදී කැබ් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද අලුයම සිදුවූ අනතුරකින් ත්රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වුණා.
තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගියේ නෝර්වුඩ් ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
එහි ගමන් ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණා.
මේ අතර, ඊයේ පස්වරුවේ එරාවුර් ප්රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු 80 හැවිරිදි එරාවුර් – මොරකොටන්චේන ප්රදේශයේ පදිංචිකරුවෙක්.