Gossips

රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

ඉකුත් පැය 24ක කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පුත්තලම – මහවැව ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි 77 හැවිරිදි පුද්ගලයෙකු ලොරි රථයක ගැටීමෙන් මිය ගොස් තිබුණා.
එමෙන්ම පොතුහැර ප්‍රදේශයේ දී ශ්‍රී ලංගම බස් රථයක යතුරුපැදියක් ගැටී තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මීට අමතරව මීරිගම දී වෑන් රථයක ගැටී 70 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබූ අතර, යතුරුපැදි අනතුරු දෙකකින් ඉංගිරිය සහ කුලියාපිටිය ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.