Gossips

රිය අනතුරුවලින් පුද්ගලයින් තුන්දෙනෙකු මරුට

ලූණුගම්වෙහෙර, ඇල්ල සහ මීගහවත්ත ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලූණුගම්වෙහෙර – උඩමත්තල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක, යතුරුපැදියක් ගැටී ඊයේ සිදුවූ අනතුරකින් 72 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම, පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙකු ඇල්ල ප්‍රදේශයේදී ඊයේ ලොරි රථයක ගැටී මියගොස් තිබෙනවා.
ඔහු 39 හැවිරිදි දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ලොරි රථයේ රියදුරු ඇල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මීගහවත්ත – කඳුබොඩ ප්‍රදේශයේදී සිය යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී ඊයේ සිදුවූ අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.