Gossips

රිය අනතුරුවලින් දෙදෙනෙකු මරුට

කටාන සහ ගල්කිස්ස යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ කටාන – දාගොන්න ප්‍රදේශයේදී අධික වේගයන් ගමන් ගත් යතුරුපැදියක පදික කාන්තාවක් ගැටී ඊයේ මිය ගොස් ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 66 හැවිරිදි කාන්තාවක්.
මේ අතර, ගල්කිස්ස – මාළිගාව පාර මං සන්ධියේදී ත්‍රිරෝද රථයක්, වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර, එම අනතුරෙන් ත්‍රිරෝද රථය පැදවූ 62 හැවිරිදි පුද්ගලයා මිය ගොස් තිබෙනවා.