Gossips

රිය අනතුරුවලින් තුන්දෙනෙකු මියයයි

ගතවූ පැය 12 ක කාලය තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මැදවච්චිය – කැබිතිගොල්ලෑව මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි ත්‍රිරෝද රථයක් එහි රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී අනතුරක් සිදුවුණා.
එම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් මියගිය අතර, තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වැල්ලවත්ත ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ තවත් අනතුරකින් යතුරුපැදිකරු මියගියා.
මේ අතර ගලේවෙල – වෙහෙරගල වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක කාන්තාවක් හැපී සිදුවූ තවත් අනතුරකින් බරපතල තුවාල ලැබූ කාන්තාව දඹුල්ල මූලික රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබෙනවා.