ආරච්චිකට්ටුව කොළඑලිය මාර්ගයේ කැලේගම ප්රදේශයේදී ඊයේ (02) සිදුවූ රිය අනතුරකින් හයමස් ගැබිණියක සහ අටහැවිරිදි ඇගේපුතා බරපතල තුවාල
ලබා කොළඹ සහ හලාවත මහ රෝහල් වෙත ඇතුලත් කර ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.
මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ ආරච්චිකට්ටුව බෝපත්ගම පදිංචි කුමාගේ යමුනා රුවන්ති නැමති 24 හැවිරිදි එක්දරුමවක් සහ
ඇගේ් පුතාවන එම ලිපිනයෙහිම පදිංචි 08 හැවිරිදි තස්මික හේෂාන් නැමති පාසල් දරුවෙක්.
හයමස් ගැබිණියක වන තුවාලකාරිය අනතුරෙන් පසු ඇගේ කුසෙහි දරුවා මරණයට පත්ව තිබෙනවා.
ඇගේ තත්වය බරපතල වීම හේතුවෙන් ප්රතිකාර සදහා කොළඹ මහ රෝහලට ඇතුලත්කර තිබෙනවා.
කුඩා දරුවාගේ තත්වයද බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ආරච්චිකට්ටුව දෙස සිට කොළඑලිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඊට විරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෝටර් රථයේ රියදුරු බීමත්ව සිට ඇති අතර ඔහුට රියදුරු බලපත්රයද නොමැති බවයි නාවරණය වී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලලිත් ඒ. කේ නවරත්න