Gossips

රිය අනතුරකින් සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මියයයි

මොණරාගල මැදගම ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රි සිදු වූ යතුරු පැදි අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටිමේන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු මැදගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ හිටපු මන්ත්‍රී වරයෙකු බවයි පොලිසිය කියා සිටියේ.
අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා මැදගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මොණරාගල මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.