Gossips

රිය අනතුරකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට

ඒ – 9 මාර්ගයේ, මිහින්තලය සහ ගල්කුලම හන්දිය අතර 122 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ (29) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් මවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
යතුරුපැදියෙන් ගමන් කළ ඔවුන් මාර්ගය මැද නතර කර තිබූ කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාච්චාදූව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මව ඇයගේ 27 හැවිරිදි පුත්‍රයායි.
කැබ් රථය පැදවූ පුද්ගලයාට රියදුරු බලපත්‍රයක් නොමැති බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.