Gossips

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

නාච්චදූව – ශ්‍රාවස්තිපුර ප්‍රධාන මාර්ගයේ හිදෝගම – කිරිමැටියාව ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
රාජකාරියට යමින් සිටි යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ හිඳෝගම – පහළතුරුවිල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි එක්දරු පියෙක්.
මියගිය සැරයන්වරයා අනුරාධපුර මූලස්ථාන පොලීසියට අනුයුක්තව උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් ඒකකයේ සේවය කර තිබෙනවා.
අපරීක්ෂාකාරි ලෙස රිය ධාවනය කිරීමේ චෝදනාව මත ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.