Gossips

රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

කලුතර දොඩංගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අද දහවල් 1.30 ට පමණ අනතුර සිදුවී ඇත්තේ අධ්‍යාපන චාරිකාවක යමින් සිටි බස් රථයක් සහ ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන්.
ත්‍රී රෝද රථය වෙනත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී අධ්‍යාපන චාරිකාවක යමින් සිටි බස් රථයේ ගැටී ඇතැයි සඳහන්.
මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ පැමිණි දෙදෙනෙක්.
ඔවුන් දොඩංගොඩ තුඩුගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 සහ 35 වයස්වල පසුවන දෙදෙනෙක්.
ත්‍රී රෝද රථයේ රියදුරා සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ ත්‍රී රෝද රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දොඩංගොඩ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.