Gossips

රිය අනතුරකින් පාසල් ළමුන් 12දෙනෙකු රෝහලේ

ඇල්ල අනුරාධපුර මාර්ගයේ තලගල්ල ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කල පෞද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 12දෙනෙකු තුවාල ලබා වාරියපොළ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුන් පස්දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.
බස් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.