Gossips

රිය අනතුරකින් පාසල් සිසුවෙක් මිය යයි

ගාල්ල – බටපොළ – කල්‍යාණතිස්ස මාවතේ දී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සිය පියා සමඟ අද උදෑසන යතුරුපැදියෙන් පාසලට යමින් සිටි අවස්ථාවේදී ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ බටපොළ කල්‍යාණතිස්ස විදුහලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.