රිය අනතුරක් හේතුවෙන් අනුරාධපුර – පුලියන්කුලමේ ප්රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇණහිට තිබෙනවා.
පුලියන්කුලම රජයේ වැඩිහිටි නිවාසය ඉදිරිපිටදී ඊයේ යුද හමුදා කැබ් රථයක් අධි බලැති විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, විදුලි කණුවට හානි වීම හේතුවෙන් මෙලෙස විදුලි සැපයුම විසන්ධි වී ඇති බවයි ප්රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.
කෙසේ වෙතත්, අනතුරෙන් කැබ් රථයේ ගමන් කළ යුද හමුදා සාමාජිකයන්ට තුවාල සිදුවී නැහැ.