Gossips

රිය අනතුරකින් දෙදරු මවක් මරුට

බණ්ඩාරවෙල නගරයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
ඊයේ (06) රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල, ඉනිකම්බැද්ද ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරු මවක්.
අනතුර සිදුවන අවස්ථාවේ ඇය සමගින් ගමන් කළ අනෙක් පුද්ගලයා තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ත්‍රිරෝද රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා .
එම වීඩියෝව පහතින්.