මාතලේ – මහවෙල – උඩුදෙනිය ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් අවුරුදු 5ක් වයසැති කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අද (14) අලුයම මාතලේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ යාන්ඔය ප්‍රදේශයේ සිට මාතලේ දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
සිද්ධියෙන් මිය ගිය කුඩා දරුවාගේ පියා ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා නාවුල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන නාවුල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
