කොළඹ – කතරගම මාර්ගයේ අම්බලන්තොට – දෙහිගහලන්ද ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වු රිය අනතුරකින් ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරියක තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
හම්බන්තොට ප්‍රදේශයේ විනෝද චාරිකාවක යමින් සිටියදී ඔවුන් ගමන් ගත් එක් බස් රථයක් නවතා තිබු ශ්‍රි ලංගම බස් රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පාසලේ 6 ශ්‍රේණියේ සිසුන් පිරිසක් බස් රථ තුනකින් මෙම විනෝද චාරිකාව යමින් සිට තිබෙනවා.
තුවාල ලැබූ පිරිස හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
