Gossips

රිය අනතුරකින් කොස්තාපල්වරයෙකු රෝහල් ගත කෙරේ

වත්තල – මාබෝල පාලම අසළ සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පෑලියගොඩ දිසා රථ වාහන කොට්ඨාශයට අයත් මෝටර් රථයක් කොළඹ දෙස සිට පැමිණි ටිපර් රථයක් ගැටී ඇති අතර, ඒ අසළ සිටි මෙම පොලිස් නිලධාරියා ද තුවාල ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අපරාධ වැටලීම් සහ රථ වාහන නඩු ලබා ගැනීමේ විශේෂ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.