Gossips

රිය අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි

කෑගල්ල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ ඇදුරාපොත ප්‍රදේශයේ දී යතුරුපැදියක් එම යතුරුපැදිය ඉදිරියෙන් ගමන්ගත් කුඩා වෑන් රථයක ගැටී අනතුරට ලක්වන ආකාරයත් එම පැදිකරු සිදුවන්නට ගිය තවත් අනතුරක් වළක්වා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල දකින්නට ලැබෙනවා.
පසුගිය 18 වැනිදා මේ අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අනෙක් පසින් පැමිණි බස් රථ රියදුරාගේ කල්පනාකාරී රිය ධාවනය හේතුවෙන් සිදුවන්නට ගිය අනතුර වළක්වා ගැනීමට හැකිවී තිබෙනවා.
මේ සිදුවීම ඒ අසල සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.