Gossips

රියූනියන් දූපතට ගිය 60 දෙනෙකු යළි දිවයිනට – (ඡායාරූප)

ධීවර යාත්‍රාවක් මගින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට අයත් රියූනියන් දූපතට සංක්‍රමණය වූ බවට වාර්තා වූ පිරිසෙන් 60 දෙනෙකු අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියා.
ඒ ප්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින්.
මොවුන් අතර පිරිමි 52 දෙදෙනෙකු, කාන්තාවන් 3 දෙනෙකු සහ කුඩා ළමයින් 5 දෙනෙකු සිටින බව සඳහන්.
එම පිරිසගෙන් ආගමන විගමන නිලධාරින් මේ වනවිට ප්‍රකාශ ලබා ගනිමින් සිටින අතර, පසුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.
පසුගිය ජනවාරි 24 වනදා පුද්ගලයින් 72 දෙනෙකු හලාවත සිට බහුදින යාත්‍රාවක් යොදා ගෙන රියූනියන් බලා පිටත්ව ගොස් තිබුණා.

(ඡායාරූප – ටී.කේ.ජී කපිල)