Gossips

රියැලිටි ටෙලිවිෂන් කරළිය උඩු යටිකුරු කරමින් හිරු මෙගා ස්ටාර්ස් 2 කිරුළ මේනකා – රනිල් දිනාගනී (ඡායාරූප)

'ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය' හිරු මෙගාස්ටාර්ස් 02 (Grand Finale) අවසන් මහා තරඟය ඊයේ (07) රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස අවසන් වුණා.
එහි උද්වේගකර අවසන් සංග්‍රාමය සුපිරි තරු යුගළ 40ක් උරෙන් උර තරඟවැදී දක්ෂයින් අතරින් අති දක්ෂයින් ලෙස තේරී පත්වූ විජයග්‍රාහී තරු යුගළ පහක් මෙම අවසන් මහා තරඟයේදී තරඟවැදුනු අතර ඔබේ මනාපය ඔස්සේ තරඟයෙන් ජය ලැබුවේ රංගන ශිල්පිනී මේනකා සහ රනිල් යුවළයි.
මෙහිදී අනුජ් – දුෂේනි , මේනකා – රනිල් , කාවිංග – තාරුකා , නිලංග – රිතූ , නුවන් – ශෙහානි , යන මේ අවසන් තරු යුගළ 5 ඔබේ SMS මනාපය මත සජීවීව තරඟවැදනු අතර ඔබේ තීරණයෙන් පමණක් ජයග්‍රහණය අභිෂේක ගැන්වීමට හිරු පිරිවර කටයුතු සූදානම් කර තිබුණා.
ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය මෙය වන අතර ටෙලිවිෂන් ඉතිහාසයේ වැඩිම සුපිර තරු රැසක් එකම වේදිකාවක පෙළහර පෑ දැවැන්ත තරු සංග්‍රාමය මෙයයි.
ශ්‍රී ලාංකේය රියැලිටි ඉතිහාසයේ දැවැන්ත තරු සංග්‍රාමයක අවසන් මහා රාත්‍රිය හිරු මෙගාස්ටාර්ස් 2 අවසන් මහා තරඟයේ විශේෂ අවස්ථා මෙහි දැක්වේ.