හැටන් යුනිෆිල්ඩ් වතු යායේ වැලින්ටන් කොටසේ රියදුරු නිල නිවාසයක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පවසනවා.
අද (24) අලුයම 4 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
එම නිල නිවාසයේ තිබු රියදුරාට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම ගින්නෙන් විනාශ වි ඇති අතර ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.
මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
