Gossips

රිදී තිරයේ වීරයන් මැවූ ස්ටෑන් – ලී දිවි ගමනින් සමුගනී (ඡායාරූප)

ස්පයිඩර් – මෑන්, ඉන්ක්‍රෙඩිබල් හල්ක්, බ්ලැක් පැන්තර් ඇතුළු බටහිර රිදී තිරයේ වීර චරිත නිර්මාණය කළ ඇමරිකානු සිනමාකරු ස්ටෑන් – ලී, වයස අවුරුදු 95ක් සිටියදී ලොස්ඇන්ජලීස් හිදී ඊයේ (12) මිය ගියා.
හාසෝත්පාදක කාටූන් ග්‍රන්ථ රචකයෙකු ද වූ ඔහු 1961 වසරේදී නිර්මාණකරණයට පිවිසුණේ ෆන්ටෑස්ටික් – ෆෝ රචනා කරමින්.
එහෙත් රුමේනියාවෙන් පැමිණි යුදෙව් සංක්‍රමණික පවුලක දරුවෙකු ලෙස ඔහු වයස අවුරුදු 18 සිටම චිත්‍ර කතා සංස්කරණය කර තිබෙනවා.
ඇමරිකානු රිදී තිරයේ පළමු කළු ජාතික වීර චරිතය ලෙස බ්ලැක් පැන්තර් නිර්මාණය කළ ස්ටෑන් – ලී, ඊට අමතරව එක්ස් මෙන්, අයන් මෑන් සහ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් යන චරිත ද නිර්මාණය කළා.