Gossips

රෑට නිදා ගන්න අල්ලපු ගෙදරට යන හංසිකා කියපු සංවේදී කතාව

වයසට ඔරොත්තු නොදෙන තරමේ වගකීම් දරාගනිමින් ජීවිතයට ජය ගැනීමට උත්සහ දරන දරුවන් පිළිබඳව නිරන්තරයෙන් වාර්තාවනවා.
මේ පුවතත් එවන් දියණියක් පිළිබඳවයි.
මේ දඹුල්ල වෑවලවැව අරුනෝදයගම ප්‍රදේශයේ ජිවත්වන හංසිකා ප්‍රියදර්ශනී.
මීට වසර 2 කට පමණ පෙර මව පවුල හැර යාමත් සමග සියලු වගකීම් පැවරෙන්නේ පවුලේ වැඩිමහල් දියණිය වු හංසිකාටයි.
හංසිකා ඉගනුම ලබන්නේ වෑවල වැව කණිෂ්ඨ විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ.
අධ්‍යාපනයට වඩා අද වන විට හංසිකාට වැඩි ඉඩක් වෙන් කරන්න සිදුව ඇත්තේ තම පවුලේ සාමාජිකයන්ගේ වගකිම් ඉටු කිරිම වෙනුවෙනුයි.
මේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ ජීවිතය සැපවත් කීරීමට හංසිකාගේ පියාට ඇති එකම ආදායම් මාර්ගය වන්නේ ඉද හිට ලැබෙන කුලී රස්සාවයි.
රැය පහන් කිරීම සදහා තම නිවස ආසන්නයේ ඇති තවත් නිවසකට යන්නට හංසිකාට සිදුව ඇත්තේ ඔවුන් ජීවත්වන මේ කටුමැටි නිවසට ආරක්ෂිත අයුරින් දොරක් හෝ නොතිබිම හේතුවෙනුයි.
මව් සෙනෙහස අහිමිවීමත් දරාගනිමින්, දරිද්‍රතාවයේ බාධකය ජයගෙන අධ්‍යාපනයේ වැට කඩුලු බිද දමා ඉදිරියට යන්නට හෙට දවසේදී මේ දරුවන්ටත් අවස්ථාව උදාවේවිද..?