අද දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන සිය කණ්ඩායම් රැස්වීමට 16යේ කණ්ඩායමට ආරාධනා කර නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමට ආරාධනා කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ වුණා.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ අද දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිය පාර්ලිමේන්තු කණ්ඩායම පමණක් රැස් වන බවයි.
මේ අතර, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කර ඇති තාවකාලික නිලධාරී මඩුල්ලේ කිසිදු නිත්‍යානුකූලභාවයක් නොමැති බවයි.
