Gossips

රැඳවියන් පිරිසක් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයක් අනතුරක

මාතර සිට කොළඹ බලා ධාවනය වූ බන්ධනාගාර බස් රථයක් ගාල්ල සමුද්‍ර මාවතේ නාවික හමුදා කඳවුර අසලදී අනතුරකට ලක්වුනා.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනුයි අද අලුයම 4 ට පමණ අනතුර සිදුවී ඇත්තේ.
මාතර බන්ධනාගාරයේ සිට කාන්තා රැඳවියන් 5 දෙනෙකු රැගෙන යමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබු අතර රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි සැක කරන බව පොලිසිය සඳහන් කර තිබෙනවා.
අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.