Gossips

රැජිණි ඛාන්ත් හිමාල අරණට

වාර්ෂිකව සිදුකරන භාවනා ඇතුළත් වන්දනාවක් සඳහා තමිල්නාඩුවේ සුපිරි සිනමා නළු රැජිණි ඛාන්ත් අද හිමාල අඩවිය බලා නික්මුණා.
හිමාල කඳු පාමුල උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ දූනගිරි ලෙන් වෙත ගමන් කරන රැජිණි ඛාන්ත් එහි සිටින ශාන්තුවරයන් සමඟ සති දෙකක පමණ කාලයක් ගත කිරීමට නියමිතයි.
සිය ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකට පෙරම රැජිණි ඛාන්ත් මෙලෙස හිමාල අරණේ සංචාරය කරන අතර, මෙවර ඔහු එහි යන්නේ සිය ක්‍රියාකාරී දේශපාලන ආරම්භ කිරීමට පෙරයි.
පසුගිය දෙසැම්බර් 31 වන දා රැජිණිඛාන්ත් ප්‍රකාශ කළේ තමා පිහිටුවන දේශපාලන පක්ෂය මගින් 2021 වසරේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වන බවයි. ඔහු පසුගිය දා සිය ප්‍රථම දේශපාලන කතාව ද චෙන්නායි නුවර දී ඉදිරිපත් කළා.