Gossips

රැජිණිකාන්ත්, ඉන්දීය මහ මැතිවරණ සටනින් ඉවත් වෙයි

රැජිණි ජනතා මණ්ඩපය ලෙස සංවිධානයක් පිහිටුවා දේශපාලනයට පිවිසි සුප්‍රකට කොලිවුඩ් සිනමා නළු රැජිණිකාන්ත් ඉදිරි මහමැතිවරණයට තරඟ නොවදින බව අද ප්‍රකාශ කළා.
ඔහු නව දේශපාලන බලවේගයක් ගොඩනගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ අතර, රැජිණිකාන්ත් ද කියා සිටියේ ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු තමිල්නාඩුවේ දේශපාලන රික්තකයක් පවතින බවයි.
කෙසේ නමුත්, තමා මේ වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහමැතිවරණයට ඉදිරිපත් නොවන බවත්, එහිදී කිසිවෙකුට සහය නොදක්වන බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
එමෙන්ම තමාගේ ඡායාරූපය හෝ රැජිණි ජනතා මණ්ඩපයේ ලාංඡනය ප්‍රචාරක කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස ද රැජිණිකාන්ත් ඉල්ලා තිබෙනවා.