Gossips

රැකියා විරහිත උපාධිධාරීන්ගේ පුහුණුවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුව සඳහා බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අදියර කිහිපයක් යටතේයි.
ඒ අනුව උපාධිධාරින් 5,000 ක් එළඹෙන ජූලි මාසයේදීත් තවත් 15,000 ක් සැප්තැම්බර් මාසයේදීත් බඳවා ගැනෙනු ඇති.
පුහුණු කාලසීමාව තුළ රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීමටද අමාත්‍ය මණ්ඩලය එකඟ වී තිබෙනවා.
අවුරුදු 45 ට අඩු රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වූ සම්මුඛ පරික්ෂණය පසුගිය දිනවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් සිදු කෙරුණා.