කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ චීවරධාරියෙකු හලාවත – මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර හිමි නම සන්තකයේ තිබී රුපියල් කෝටියකට අධික මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් ද ඊයේ (11) සොයා ගත් බවයි අහුන්ගල්ල පොලීසිය සඳහන් කළේ.
කැනඩා විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙස පෙනී සිටිමින් සැකකාර හිමි නම මෙම වංචාව සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
