Gossips

රාහුල් ගාන්ධි මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරයි

ජාත්‍යන්තර විශ්වසනීයත්වය පලූදු කරගත් පුද්ගලාරෝපිත විදේශ ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කරමින් සිටින බවට එරට ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි පවසනවා.
ඊයේ (18) පැවති කොංග්‍රස් පක්ෂයේ සමුළුවකට එක්වෙමින් ඔහු චෝදනා කළේ ඉන්දියාව තුළ මේ වනවිට ක්‍රියාත්මක වන්නේ අග්‍රාමාත්‍ය මෝදිගේ පෞද්ගලික විදේශ ප්‍රතිපත්තියක් බවයි.
ශ්‍රී ලංකාව, මාලදිවයින සහ මියන්මාරය වැනි අසල්වැසි රටවල චීන ආධිපත්‍යයේ වර්ධනයක් සිදුව ඇති බවද රාහුල් ගාන්ධි ප්‍රකාශ කළා.
ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ලෝක බලවතුන් වන ඇමරිකාව සහ චීනයට බලපෑම් කළ හැකි තුන්වන බලවේගයක් ගොඩනැංවිය යුතු බවයි.
එහිදී රාහුල් ගාන්ධි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තවත් චෝදනාවක් එල්ල කළා. අග්‍රාමාත්‍යවරයා දූෂණයට එරෙහිව සටන් නොකරන බවට චෝදනා කළ රාහුල් ගාන්ධි, ඔහු දූෂණයට අනුබල දෙමින් සිටින බවටයි සඳහන් කළේ.