එළඹෙන ලෝක් සභා මැතිවරණයේදී ගාන්ධිවරුන්ගේ උතුරු ඉන්දීය බලකොටුව වූ අමීති අසුනට අමතරව දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාඩ් අසුනටද තරග වදින බව කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු අද ප්‍රකාශ කළා.
රාහුල් ගාන්ධි මෙලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන දෙකකට තරග වදින ප්‍රථම අවස්ථාව මෙයයි.
ඔහුගේ මව වූ කොංග්රස් සන්ධානයේ සභාපතිනි සෝනියා ගාන්ධි 1999 වසරේ දෙවන අසුන ලෙස කර්ණාටක ප්‍රාන්තයේ බෙල්ලාරි අසුනට තරග වැද වත්මන් විදේශ ඇමතිනිය වන සුෂ්මා ස්වරාජ් පරාජයට පත් කළා.
ඇගේ පළමු අසුන වූයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමීති අසුනයි. රාහුල් ගාන්ධිගේ මිත්තනිය වූ හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි උතුරු ඉන්දියාවේ රේබෙරලි අසුනට අමතරව දකුණු ඉන්දියාවේ වත්මන් තෙලංගනාවට අයත් මේඩක් අසුනට 1980 වසරේ තරග වැදුනා.
මෙවර ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා අදියර 7 කින් පැවැත්වීමට නියමිතයි.