Gossips

රාහුල් ගාන්ධි අද දිල්ලි නුවර ජන රැළියක

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව රාහුල් ගාන්ධි ප්‍රථම වරට අද නවදිල්ලි නුවරදී ජන රැළියක් අමතනවා.
ලබන මැයි 12 වනදා පැවැත්වෙන කර්ණාටක මැතිවරණය ඉලක්ක කරගෙන සංවිධාන කර ඇති මෙම රැළියේදී මෝදි රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව කොංග්‍රස් මතය ඉදිරිපත් කිරීමට නියමිතයි.
භාරතීය ජනතා පක්ෂ රජය යටතේ ඉන්දියාවේ බෙදුම්වාදී දේශපාලනයක් ක්‍රියාත්මක වන බවටයි රාහුල් ගාන්ධි චෝදනා කරන්නේ.
දිල්ලි නුවර අද පැවැත්වෙන රැළියට කොංග්‍රස් පක්ෂයේ හිටපු සභාපතිනි සෝනියා ගාන්ධි සහ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ද සහභාගිවීමට නියමිතයි.