Gossips

රාහුල් ගාන්ධි අද ගොවීන් හමුවට

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයට පත්වූ රාහුල් ගාන්ධි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මන්ද්සාවුර් හිදී අද දැවැන්ත ගොවි රැලියක් අමතනවා.
පසුගිය වසරේ ගොවි විරෝධතාවකදී ගොවීන් හයදෙනෙකු පොලිස් වෙඩි පහරින් මියගියේද මෙහිදියි.
රැළිය ඇමතීමට පෙර සිය ට්විටර් වෙබ් පිටුව වෙත ප්‍රකාශයක් නිකුත් කළ රාහුල් ගාන්ධි කියා සිටියේ මෝදි රජය ගොවීන්ගේ ගැටළුවලට විසඳුම් දීමට අපොහොසත් වී ඇති බවයි.
දිනකට ඉන්දියාවේ ගොවීන් 35 දෙනෙකු දිවි නසාගන්නා බවද එහිදී සඳහන් කළ ඔහු, ඉන්දීය ජනගහණයෙන් සියයට 62ක් වන ගොවි ජනතාව මෝදි රජය විසින් නොසළකා හැර ඇති බවට චෝදනාවක්ද එල්ල කළා.
කොංග්‍රස් පක්ෂයේ සහය ඇතිව ඉන්දීය ගොවීන් ජූනි 1 වනදා සිට 10 වනදා දක්වා විරෝධතාවකද නිරතවනවා.