Gossips

රාහුල් ගාන්ධිට වර්ගවාදී ප්‍රහාරයක්

පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණවලින් ලද පරාජයත් සමඟ උදහසට පත් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ නායකයෙකු කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිට වර්ගවාදී වාග් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කොංග්‍රස් පක්ෂය ඉදිරියේ පරාජය ලැබූ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ ඡුන්ද සටන මෙහෙයවූ කයිලාෂ් විජේවර්ගියා කියා සිටියේ විදේශීය කතකට දාව උපන් පුද්ගලයෙකු දේශ හිතෛෂියෙකු විය නොහැකි බවයි.
රාහුල් ගාන්ධිගේ මව සෝනියා ගාන්ධි ඉතාලි සම්භවයක් සහිත කාන්තාවක් වීම එහිදී ඉලක්ක කරගෙන තිබෙනවා.
කෙසේ නමුත් සෝනියා ගාන්ධි බොහෝ කළක සිට පවසන්නේ තමාගේ සැබෑ රට ඉන්දියාව බවයි. භාරතීය ජනතා පක්ෂ නායකයා මෙලෙස රාහුල් ගාන්ධි වෙත යොමුකළ වර්ගවාදී ට්විටර් පණිවුඩය පසුව ඉවත් කරගෙන ඇත්තේ කොංග්‍රස් පක්ෂයෙන් ඊට දැඩි විරෝධයත් එල්ලවීම සමඟයි.