Gossips

රාහුල්ගේ තැන ගන්න කඩුල්ල පිටුපසට ගිය ක්‍රිස් ගේල්

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ පෙරළිකාර කණ්ඩායම් දෙකක් වන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම ඊයේ (26) එකිනෙකා මුණගැසුනේ හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ක්‍රීඩාංගනයේදීයි.
රෂිඩ් ඛාන්ගේ සහ සන්දීප් ශර්මාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ හයිද්‍රාබාද් කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ ලකුණු 13කින්.
මෙවර තරඟාවලිය ආරම්භයේ සිටම පුවත් මවන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින පන්ජාබ් කණ්ඩායමේ ක්‍රිස් ගේල් පිළිබඳව ඊයේ තරඟයේදී ද ප්‍රක්ෂකයින්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් ඉනිමේ හයවන පන්දු තුලදී පන්ජාබ් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ලෝකේශ් රාහුල් මද වේලාවකට පිටියෙන් ඉවත් වනවා.
එම අවස්ථාවේදී ක්‍රිස් ගේල් විසින් රාහුල් කඩුලු රැකීමට භාවිතකරන අත් ආවරණ යුගලය පැළඳගෙන කඩුල්ල පිටුපසට පැමිණෙන්නේ පන්දු යැවූ ක්‍රීඩක බරින්ද්‍ර ශාර්න්ට පන්දු යවන ලෙසට සංඥාවක්ද කරමින්.
කෙසේ වෙතත් එම අවස්ථාවේ මද වේලාවලට පිටියෙන් ඉවතට ගිය ලෝකේශ් රාහුල් නැවත පැමිණ අතර ගේල් තමන් පැළඳ සිටි අත් ආවරණ යුගලය නැවත රාහුල්ට ලබාදෙනවා.
ගේල්ගේ එම අපුරු ක්‍රියාව පිළිබඳව තරඟය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ගේ අවධානය යොමුවුණා.
කෙසේ වෙතත් ඊයේ තරඟයේදී පිත්තෙන් වැඩි දස්කම් දැක්වීමට ගේල්ට හැකියාව නොලැබුණු අතර පන්දු 22කදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 23ක්.
එම අවස්ථාව පහතින්.
rnrnrnrnrnrn