රටේ මාධ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන දෙමළ ඩයස්පෝරාවට විකිණීමේ කුමන්ත්‍රණය වැළැක්වීමට කටයුතු කරන ලෙසත්, එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ට වන්දි ගෙවීමේ යෝජනාවට එරෙහිවත් කටයුතු කරන ලෙස රාවණා බලය සංවිධානය සහ සිංහලේ ජාතික පෙරමුණ අද ජනාධිපති කාර්යාලයට සංදේශයක් භාර දුන්නා.
එම අවස්ථාවට භික්ෂුන් වහන්සේලා කිහිපදෙනෙකු එක්ව සිටි අතර, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකුට සංදේශය භාරදීමෙන් අනතුරුව රාවණා බලය සංවිධානයේ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ ඊට අදාළව පියවර ගන්නා ලෙස මෙහිදී ඉල්ලා සිටි බවයි.