Gossips

රාවණා ඇල්ල රළුවෙයි සංචාරකයින්ට අනතුරු ඇඟවීම් (ඡායාරූප)

ඌව පලාතේ ප්‍රදේශ රැසකට ඊයේ (18) පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් රාවණාඇල්ල,දියලුම ඇල්ල සහ දුන්හිඳ ඇල්ල යන දිය ඇලිවල සැඩපහර වැඩි වී තිබෙනවා.
ඒ හේතුවෙන් රාවණාඇල්ල සහ දුන්හිඳ දියඇල්ල අසලට ගමන් කිරීමෙන් වලකින ලෙස ආපදා කළමණාකරන ඒකකය සහ පොලිසිය සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
එමෙන්ම රාවණා ඇල්ලේන් පෝෂණය වන කිරිදි ඔයේ ජල පහරද මේ වන විට වැඩි වී ඇති අතර එම නිසා එම ගංඟා දෙපස වෙසෙන ජනතාව ද අවදානයෙන් පසු විය යුතු බව දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය දැනුම් දෙනවා.
ජනතාවට ඉල්ලා සිටිනවා.


(ඡායාරූප – ජයන්ත වීරසේකර)