Gossips

රාමසාන්, සාමය – ගෞරවය පිරි පණිවුඩයක් බව ජනපති කියයි

ලොව පුරා විසිරි සිටින ඉස්ලාම් බැතිමතුන් මෙන්ම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව, අද රාමසාන් උත්සවය උත්කර්ෂවත් ලෙස සමරනු ලබනවා.
පුරා මාසයක් උපවාස ශීලය රැකීමෙන් පසු නව සඳ දැකීමත් සමඟ ඇරඹෙන රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂි දිනයක්.
සහනශීලී වටපිටාවක් නිර්මාණය කර ගත හැක්කේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ අවංකත්වය තුළින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාමසාන් දින පණිවුඩය නිකුත් කරමින් ප්‍රකාශ කළා.
පුරා මාසයක උපවාස සමයක් ගත කරන ඉස්ලාම් බැතිමතුන් පරිත්‍යාගය, සාමය සහ ගෞරවය මුල් කර ගත් රාමසාන් උත්සවය මගින් සමස්ත ලෝකයටම එම උතුම් පණිවුඩය ලබාදෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
සමස්ත ලෝකවාසීන්ගේම යහපත එවන් පණිවුඩයක හරය එකිනෙකා අවබෝධ කර ගන්නා පරිසරයක් තුළ රදා පවතින බව ද එහි සදහන්.
මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය සහ යහපත, මනුෂ්‍යත්වය පිළිබද යහපත් සිතුවිලි ශක්තිමත්වීම තුළ රදා පවතින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කරනවා.
රාමසාන් උත්සවය සමානාත්මතාවයේ මහැඟි පණිවුඩය ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
තණ්හාව වැනි දුර්ගුණ දමනය කරමින් මනුෂ්‍යත්වය ගොඩනැංවීමට රාමසාන් උපවාස සමයෙන් ලැබෙන පන්නරය අති මහත් බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ.
එය සමස්ත මානව වර්ගයාට අලූත් ජීවන දැක්මක් ලබාදෙන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයෙහි සඳහන්.